වාහනවලට ඉන්ධන ලබාදිමේ සීමා ඉහළ නංවයි


ඉන්ධන ලබාදීම වෙනුවෙන් ඒ් ඒ් වාහන වෙනුවෙන් ලබාදුන් සීමාව ඉහළ නැංවීමට කටයුතු කරන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.

ඒ් අනුව රුපියල් 2000ක් වූ යතුරුපැදි වෙනුවෙන් ලබාදුන් සීමාව රුපියල් 2500ක් දක්වා ඉහළ නංවා තිබේ.

රුපියල් 2000ක් ව පැවැති ත්‍රි රෝද රථ වෙනුවෙන් ලබාදෙන සීමාව රුපියල් 3000ක් දක්වා ඉහළ නංවා තිබේ.

ප්‍රවාහන වාහන හැර අනෙකුත් වාහනවලට ලබාදුන් රුපියල් 8000ක සීමාව රුපියල් 10000ක් දක්වා ඉහළ නංවා තිබේ.

 



Recommended Articles